Thursday 18th of June 2026

English Tamil
Advertiesment


චන්ද්‍රිකා මෛත්‍රීගෙන් කැපෙයි..?


2018-07-25 14876

ඇය හමුවීමත් ජනපති වරක් ප්‍රතික්ෂේප කරලා..!

අනවශ්‍ය මැදිහත්වීම්-ඇඟිලි ගැසීම් කරලා..?

(උපුල් බණ්ඩාර)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අතර පැවති සුහදතාවය මේ වන විට විශාල ලෙස පළුදු වී ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු ජනාධිපතිවරිය කෙරෙහි දැක්වූ සුහදතාවය,විශ්වාසය සහ සැලකිල්ල මෙසේ වියැකී ගොස් තිබෙන්නේ ඇයගේ ක්‍රියාකලාපය හේතුවෙන් බව ද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

ඊට හේතු වී තිබෙන්නේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඇතැම් විට  ජනාධිපතිවරයා පවා අභිභවා ක්‍රියා කිරීමට දරන උත්සාහය,රජයේ  සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ කටයුතු සඳහා කරන අනවශ්‍ය මැදිහත්වීම් යැයි ජනාධිපතිවරයාට සමීප රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකෂයෙක් “lankanewsweek” සමග පැවසීය.

තමා හමුවීමට ජනාධිපතිවරයා, හිටපු ජනාධිපතිවරියට වේලාවක් පවා නොදෙන තත්ත්වයක් මේ වන විට උද්ගත වී තිබෙන බව ද ඔහු සඳහන් කළේය.

කිසිදු දැනුම්දීමකින් සහ වේලාවක් යොදා ගැනීමෙන් තොරව, සිය අභිමතය පරිදි ඇය වරක් ජනාධිපති කාර්යාලයට පැමිණ ජනාධිපතිවරයා හමුවීමට අවශ්‍ය බවට දැනුම් දී ඇති අතර ඒ වන විට රාජකාරි බහුලව සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ මොහොතේ තමාට ඇය හමුවීමට නොහැකි බව දැනුම් දෙමින් හරවා යැවූ බව ද ඔහු සඳහන් කළේය.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩි දුරටත් පෙන්වා දුන්නේ උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මේ පිළිබඳව රජයේ ප්‍රබල ඇමතිවරයකු  සමග චෝදනාත්මකව කතා කර ජනාධිපතිවරයා හමුවීමට වහාම තමාට වේලාවක් ගෙන දෙන ලෙස බල කර ඇති බවය.

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment